රසායනික පොහොර ආනයනය අත්හිටුවීමත් සමඟ රටේ කාබනික පොහොර අවශ්‍යතාව ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් කාබනික දියර පොහොර නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබෙනවා.
මේ වෙනවිටත් හෝමාගම, පිටිපන - ජලජ ජීව වගා සංවර්ධන මධ්‍යස්ථානයේ එම පොහොර නිෂ්පාදන කටයුතු සිදුකරන අතර, මෙම කාබනික දියර පොහොර එළවළු, පලතුරු, වී සහ තේ වගාවන්වලට යොදා ගනිමින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බවයි බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නයනානන්ද නිල්වල මහතා සඳහන් කළේ.
එහිදී බස්නාහිර පළාතට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරන බවයි ඔහු සඳහන් කළේ.