April 28, 2024

මම උපරිමයෙන් කළා : නායකත්වයෙන් ඉවත් කළාට ප්‍රශ්නයක් නැහැ - දිමුත් කරුණාරත්න

තමාව නායකත්වයෙන් ඉවත් කිරිමේ බලය තිබෙන්නේ ක්‍රිකට් තේරීම් කමිටු අත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ඒ අයට අවශ්‍ය නම් තමාව නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තමාට කිසිදු ප්‍රශ්නයක් නැති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.

උපරිමයෙන් කළා

ඔහු වැඩි දුරටත් අවධාරණය කරන්නේ තමා තමාට කළ හැකි උපරිම අයුරින් කණ්ඩායම මෙහෙයවූ බවත් එය ක්‍රිකට් තේරීම් කමිටුවට මදිනම් නායකත්වය වෙන කෙනෙකුට දිය යුතු යැයි සිතනවා නම් එසේ දීමේ ප්‍රශ්නයක් නැති බවයි.

ඉන්දියාව ඉතා ප්‍රබල කණ්ඩායමක් ලෙස හඳුන්වාදෙන දිමුත් කරුණාරත්න පසුගිය කාලය තුළ ප්‍රබල ක්‍රීඩකයන් සමඟ ඉන්දියාවේදී ක්‍රීඩා කලත් ඉන්දියාව පරාජය කිරීමට නොහැකි වූ බවත් පෙන්වා දෙනවා.

එහෙත් බලාපොරොත්තුව වූයේ එක් ටෙස්ට් තරගයක් හෝ ජයග්‍රහණය කිරීම බවයි ඔහු සඳහන් කරන්නේ.

දක්ෂතා අතර නැහැ

කාසිය වාසියෙන්ද ශ්‍රී ලංකාවට වාසනාවක් උදා වූයේ නැති බවත් සඳහන් කරන ඔහු දක්ෂතා අතින් බැලුවත් ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වූ දක්ෂතා අතර නොසිටි බව පෙන්වා දෙනවා.

මෙම සංචාරය සඳහා බොහෝ ක්‍රීඩකයන් ආබාධයට ලක්ව සිටීම නිසා සහභාගී නොවූ බවත් ඉදිරි ටෙස්ට් තරඟවලදී ඔවුන්ගේ සහභාගිත්වයත් සමඟ කණ්ඩායමේ සංයුතිය වෙනස් වනු ඇති බවටද දිමුත් කරුණාරත්න ඉඟි පළ කරනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ඉන්දීය සංචාරය පිළිබඳව මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් දිවයිනට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපලේදී.

දින තුනේ පරාජයන්

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග පැවැති ටෙස්ට් තරග 2කින් යුත් තරගාවලිය 2 - 0 ලෙස ශ්‍රී ලංකාව පරාජය වුණා.

එසේ පරාජය වූ ටෙස්ට් තරඟ දෙකම දින තුනක් ඇතුළත පරාජය වීමත් දක්නට ලැබුණා.

මෙම ටෙස්ට් තරගාවලිය පැවැත්වුණේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගයන් ලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 March 2022 21:35