දෙවැනි එලිසබෙත් රැජිණට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
මේ බව මීට සුළු මොහොතකට පෙර බකිංහැම් මාළිගය නිල වශයෙන් නිවේදනය කළා.
එම මාළිගය පවසන්නේ රැජින මේවන විට සුළු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව යි.
වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇයව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව සඳහන්.
රැජිණගේ වැඩිමහලු පුත් වේල්ස්හි චාල්ස් කුමරුට ද පසුගිය සතියේ දී කොවිඩ් 19 ආසාදනය වූවා.
රැජිණ වෙත වෛරසය ශරීරගත වන්නට ඇත්තේ ඔහුගෙන් බවට යි මේවන විට සැක කෙරෙන්නේ.
දෙවැනි එලිසබෙත් රැජිණ මේවන විට පසුවන්නේ 95 වැනි වියේ යි.
වැඩිම කාලයක් බ්‍රිතාන්‍යය පාලනය කළ පුද්ගලයා ලෙස ද ඇය පසුගිය 06 වැනි දා වාර්තා ගත වූවා.
මේ අතර BBC පුවත් සේවය පවසන්නේ රැජිණ පූර්ණ එන්නත්කරණයට ලක් කොට ඇති බව යි.