April 25, 2024

එක එක්කෙනාට ඕනෑ හැටියට මාව එළියට දාන්න බෑ

එක් එක් උදවිය හිතන ආකාරයට කොළඹ මහ නගර සභාවෙන් තමා එළියට දැමීමට නොහැකි බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පුවත්පතකට පැවසුවාය.
 
කවුරු හෝ එසේ සිතනවා නම් එය ලේසි පහසු නොවන බව ද නගරාධිපති ධුරයට තමා පත් වුණේ මහජන ඡුන්දයෙන් බව ද පැවසූ රෝසි සේනානායක මහත්මිය නගර සභාවේ එක එක මන්තී‍්‍රවරුන්ට ඕනෑ හැටියට තම තනතුර අහිමි කිරීමට නොහැකි බව ද කියා සිටියාය.
 
නගරාධිපති ධුරයෙන් තමා ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසක් තීරණය කර ඇතැයි කියන පුවත සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා අතර එම ප‍්‍රචාරය අසත්‍ය බව ද ඇය සඳහන් කළාය.

Rate this item
(0 votes)